
විවාහයේ පැටලැවිල්ල
ප්‍රයාග්රාජ් නගරයේ ජීවත් වන, බාහිරින් බැලූ බැල්මට ඉතාම සන්තෝෂයෙන් කාලය ගතකරනවා සේ පෙනෙන පවුලක් විසින් ගන්නා එක්තරා තීරණයක් නිසා මුළු පවුල් ජීවිතයම උඩුයටිකුරු වන ආකාරය වටා තමයි මේ හින්දි ආදර ප්‍රහසන කතාව ගොඩනැඟිලා තියෙන්නේ. ඔවුන්ගේ මේ තීරණයත් සමඟ එක පිට එක නොසිතූ ගැටලු කඩාපාත් වන අතර, සැකය සහ වැරදි වැටහීම් රැසක් නිසා මුළු පවුලම දැඩි අවුල් ජාලාවකට මැදිවෙනවා. සාම්ප්‍රදායික විවාහ ජීවිතයේ ඇතිවන සැකය සහ බිරිඳ, ස්වාමියා සහ අනියම් සම්බන්ධතා වටා ගෙතුණු මේ පැටලැවිල්ල ලිහාගැනීමට ඔවුන් දරන උත්සාහයත්, ඒ ඔස්සේ ඇතිවන හාස්‍යජනක අර්බුද රැසකුත් මේ කතාවෙන් දිගහැරෙනවා.