
දෙවන අවස්ථාව
ධනවත් පවුල්වල 17 හැවිරිදි තරුණ ළමයින් පිරිසක් විසින් පබ් එකක පාටියක් අස්සේ සිදුකරන අතිශය භයානක අපරාධයක් සහ ඒ වටා ගොඩනැගෙන සමාජීය තදබල ගැටුම අස්සේ තමයි මේ ත්‍රාසජනක කතාව දිගහැරෙන්නේ. විකාස් කියන සල්ලි තියෙන පවුලක කොල්ලා තමන්ගේ යාළුවෝ සෙට් එකත් එක්ක එකතු වෙලා අහිංසක කෙල්ලෙකුට කරන ඒ දරුණු අපරාධය නිසා මේ පස්දෙනාටම නීතියෙන් බන්ධනාගාරගත වෙන්න සිද්ධ වෙන අතර, විකාස්ගේ අම්මා වුණු ප්‍රධාන පාසලක විදුහල්පතිනියක් වන වින්ධ්‍යාත් තමන්ගේ පුතා කරපු ඒ ලොකු වරදේ ලැජ්ජාව සහ වගකීම භාරගනිමින් තමන්ගේ තනතුරෙන් ඉල්ලා අස් වෙනවා. හැබැයි අවුරුදු 6ක බන්ධනාගාර කාලයකින් පස්සේ, හිරේ ඉඳලා සම්පූර්ණයෙන්ම වෙනස් වුණු ස්වරූපයකින් එළියට එන තමන්ගේ පුතාට ජීවිතය වෙනස් කරගන්න දෙවැනි අවස්ථාවක් ලබා දෙන්න හිතාගෙන මේ අම්මා තමන්ටම එරෙහිව නඩුවක් පවරාගනිමින් මහා නීතිමය සහ සාමාජීය සටනකට බසිනවා. අවුරුදු 6ක් හිරේ ඉඳලා අමුතුම මනුස්සයෙක් බවට පත් වුණු විකාස් තමන්ගේ අම්මා අමාරුවෙන් ලබාදෙන මේ දෙවැනි අවස්ථාවෙන් යහපතක් කරගනීද නැත්නම් මේ දෙවැනි අවස්ථාව එයාගේ මුළු ජීවිතයම තවත් ලොකු විනාශයකට අරගෙන යයිද කියන අභිරහස මුළු කතාව පුරාවටම තදින්ම දැනෙන්න ඉතිරි කර තබනවා.