
මිනීමැරුමක පැටලුණු පවුලක්
නොහිතපු වෙලාවක සිදුවන හදිසි මිනීමැරුමකට නොසිතූ ලෙස මැදිහත් වන සාමාන්‍ය පවුලක් වටා තමයි මේ දෙමළ කළු ප්‍රහසන (Dark Comedy) අපරාධ කතාව ගොඩනැඟිලා තියෙන්නේ. තමන් අතින් සිදුවූ මේ බරපතල අපරාධය සමාජයෙන් සහ නීතියෙන් සඟවාගෙන වෙනදා වගේම සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට මේ පවුලේ සාමාජිකයන් උත්සාහ කළත්, එය ඔවුන් හිතන තරම් ලෙහෙසි වෙන්නේ නැහැ. අපරාධය වහගන්න ඔවුන් කරන එක වැරැද්දක් නිසා තවත් වැරදි රැසක් සිදුවන අතර, එක දිගට කඩාපාත් වන අමුතු ගැටලු සහ පොලිස් පරීක්ෂණ හමුවේ තමන්ගේ පවුල බේරාගැනීමටත්, මේ මාරාන්තික පැටලැවිල්ලෙන් නිදහස් වීමටත් ඔවුන්ට දැඩි උත්සාහයක් දරන්න සිද්ධ වෙනවා.