
යතුරුපැදියක් දෙවියෙකු වූ දා
අධික ලෙස මත්පැන් පානය කර යතුරුපැදියකින් ගමන් කරද්දී සිදුවන අනතුරකින් මියයන ඨාකුර් නම් පුද්ගලයාගේ යතුරුපැදිය පොලිස් භාරයට ගත්තත්, එය පසුදා උදෑසන අද්භූත ලෙස නැවතත් අනතුර සිදුවූ ස්ථානයටම පැමිණීමත් සමඟ සිදුවන නොසිතූ සිදුවීම් පෙළක් වටා තමයි මේ උපහාසාත්මක කතාව ගොඩනැඟිලා තියෙන්නේ. මේ පුදුමාකාර සිදුවීම දේව හාස්කමක් ලෙස සලකන ප්‍රදේශවාසීන්, එම යතුරුපැදියට මත්පැන් පූජා කරමින් වන්දනාමාන කිරීම ආරම්භ කරනවා. ඔවුන්ගේ ඇතැම් ප්‍රාර්ථනාවන් අහම්බෙන් මෙන් ඉටුවීමත් සමඟ, මේ අහිංසක විශ්වාසය මුදල් උපයන දැවැන්ත වාණිජ ආගමික ව්‍යාපාරයක් බවට පරිවර්තනය වෙනවා. මිනිසුන්ගේ අසරණකම සහ අන්ධ භක්තිය තවත් පිරිසක් විසින් තමන්ගේ වාසිය සඳහා කෲර ලෙස වෙළඳාමක් බවට පත්කරගන්නා ආකාරය මේ අපූරු උපහාසාත්මක කතාවෙන් දිගහැරෙනවා.