
කැලේ තනිවෙලා
තමන්ගේ සිතේ පවතින මානසික ප්‍රශ්න සහ පීඩනයන්ගෙන් මිදී කෙටි විවේකයක් ලබාගැනීම සඳහා මහා ඝන වනාන්තරයක් මැද පිහිටි හුදෙකලා කැබින් එකකට යන ඇංගස් නම් තරුණ ව්ලොගර්වරයා වටා තමයි මේ බියකරු හොරර් කතාව ගොඩනැඟිලා තියෙන්නේ. තනිවම නිදහසේ කාලය ගත කිරීමට පැමිණි ඔහුට, මෙම වනාන්තරය තුළ තමන් හැර වෙනත් කිසියම් නොපෙනෙන අද්භූත බලවේගයක් සැඟවී සිටින බව ටිකෙන් ටික වැටහෙන්න පටන් ගන්නවා. කැබින් එක අවට සිදුවන අසාමාන්‍ය සහ බියකරු සිදුවීම් පෙළත් සමඟ ඔහුගේ මේ තනිවීමේ ආශාව කෙමෙන් කෙමෙන් ජීවිතයත් මරණයත් අතර සටනක් බවට පරිවර්තනය වෙනවා. බ්‍රිතාන්‍යයේ මූසල වනාන්තරයක හුදෙකලා වන ඔහුට, මේ නොපෙනෙන සතුරගෙන් බේරී පණ බේරාගැනීම සඳහා මුහුණ දීමට සිදුවන බිහිසුණු අත්දැකීම් සමුදාය මේ කතාවෙන් දිගහැරෙනවා.