
මායිමේ මිනිස්කම
තමන්ගේ පාඩුවේ හුදෙකලාව ගොවිපළක ජීවත් වෙන වයසක මනුස්සයෙක්ගේ ඉඩම හරහා හොරෙන් දේශසීමාව පැනලා යන්න හදන තරුණ සංක්‍රමණික කෙල්ලෙකුට එයාගේ අතින් වැරදීමකින් වෙඩිල්ලක් වදිනවා. තමන් අතින් වුණු ඒ ලොකු වැරැද්ද ගැන පසුතැවෙන මේ වයසක ගොවියා, තුවාල වුණු ඒ අසරණ කෙල්ලව තමන්ගේ ගෙදර සඟවාගෙන ප්‍රතිකාර කරන්න තීරණය කරන්නේ නීතියට වඩා මනුස්සකමට මුල් තැන දෙමින්. හැබැයි මේ අහිංසක තීරණයත් එක්ක එයාගේ ජීවිතයට එන්නේ එයා හිතපු නැති විදියේ ලොකුම අනතුරක්. මොකද එයාගේම පුතා වැඩ කරන්නේ ඇමරිකානු දේශසීමා ආරක්ෂක බලකායේ වීම නිසා මේ හොර සංක්‍රමණික සිද්ධිය ගැන හොයන්න එයාගේ පුතා කෙළින්ම මේ ඉඩම පැත්තට එන්න පටන් ගන්නවා. තමන්ගේම පුතාගෙන් ඒ අසරණ කෙල්ලව බේරාගන්නත්, නීතියයි මනුස්සකමයි අතර හිරවුණු තමන්ගේ බියකරු රහස රැකගන්නත් මේ වයසක තාත්තා දරන උත්සාහයත් එක්ක සිදුවීම් පෙළ හරිම සංවේදී වගේම කුතුහලයෙන් පිරුණු විදිහට ගලාගෙන යනවා. තමන්ගේම පුතාට අහුවෙන්නේ නැතුව මේ කෙල්ලගේ ජීවිතයත් බේරගෙන තමන්ගේ රහසත් රැකගන්න මේ තාත්තා කරන සටනේ අවසානය හිතාගන්නවත් බැරි තැනකට පාර කියනවා.