
පලායාම
තම සැමියාගෙන් බේරී පලායන අද්භූත කාන්තාවකට තම රථයේ ගමන් කිරීමට අවස්ථාව ලබාදෙන සාමාන්‍ය මුද්දර වෙළෙන්දෙකු වටා තමයි මේ උද්වේගකර කතාව ගොඩනැඟිලා තියෙන්නේ. මුලින්ම එය සරල උපකාරයක් පමණක් ලෙස පෙනුනත්, ගමන මඳ දුරක් යද්දී ඇය තමන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ නිකම්ම ගමනක් පමණක් නොවන බව මේ වෙළෙන්දාට තේරුම් යනවා. මේ දෙදෙනාගේම අතීතයන් එකිනෙකට දැඩිව බැඳී ඇති බව අනාවරණය වන අතර, ඇගේ සැබෑ අරමුණ අතිශය බිහිසුණු පළිගැනීමක් බව හෙළිවෙන්න පටන් ගන්නවා. කිසිසේත්ම නොසිතූ අහඹු හමුවීමකින් පටන් ගන්නා මේ ගමන නිසා ඔවුන් දෙදෙනාගේම ජීවිත සම්පූර්ණයෙන්ම වෙනස් මාවතකට හැරෙන්න පටන් ගන්නවා.