
අද්භූත බලයේ උරුමක්කාරයා
තමාගේ අතීතය පිළිබඳ කිසිවක් නොදැන ප්‍රාග් නුවර අනාථයෙකු ලෙස සාමාන්‍ය ජීවිතයක් ගත කරන ආදිත්‍ය නම් තරුණයා වටා තමයි මේ ෆැන්ටසි ක්‍රියාදාම කතාව ගොඩනැඟිලා තියෙන්නේ. සෝනියා නම් දක්ෂ රණශූරියකගේ පැමිණීමත් සමඟ තමන් යනු අද්භූත බලයන්ගෙන් පිරි ද්‍රෝණ පරම්පරාවේ නවතම උරුමක්කාරයා බව ඔහුට අනාවරණය වෙනවා. විශ්වයේ ඇති බලවත්ම සහ රහසිගතම අමෘතය ආරක්ෂා කිරීමේ ඓතිහාසික වගකීම ඔහු මත පැටවෙද්දී, එය පැහැරගෙන අමරණීය වීමට උත්සාහ කරන රිට්ස් නම් අතිශය භයානක මන්ත්‍රකාරයා ඔහු පසුපස හඹා එනවා. තමන් තුළ සැඟවී ඇති සුවිශේෂී බලයන් අවදි කර ගනිමින්, මේ අඳුරු බලවේගවලින් මුළු ලෝකයම බේරාගැනීමට ආදිත්‍ය දැඩි ජීවිත සටනක නිරත වෙනවා.