
මරණයේ ගමන
ටෙක්සාස් ප්‍රාන්තයේ පැවැත්වෙන සංගීත සැණකෙළියකට සහභාගී වීම සඳහා පිටත්ව යන තරුණ මිතුරන් පිරිසකට අතරමඟදී මුණගැසෙන අද්භූත පුද්ගලයෙකු සහ ඒ හා බැඳුණු බිහිසුණු අත්දැකීම් පෙළක් වටා තමයි මේ හොරර් ත්‍රාසජනක සිනමාපටය ගොඩනැඟිලා තියෙන්නේ. සිය ගමන ඉක්මන් කරගැනීමේ අරමුණින් මෙම නාඳුනන පුද්ගලයා පදවන වෑන් රථයකට ඔවුන් ගොඩවන අතර, ගමන ආරම්භ වී ස්වල්ප වේලාවකට පසු රථය තුළ සිටින මිතුරන් එකින් එකා අභිරහස් අයුරින් අතුරුදන් වෙන්න පටන් ගන්නවා. තමන් ගොඩවී සිටින්නේ සාමාන්‍ය වෑන් රථයකට නොව මාරාන්තික උගුලකට බව වටහාගන්නා විට ඔවුන් සියල්ල ප්‍රමාද වැඩි වන අතර, විනෝදජනක සතිඅන්තයක් ගත කිරීමට ගිය ඔවුන්ට තමන් පසුපස හඹා එන ඝාතකයාගෙන් බේරී පණ රැකගැනීම සඳහා වෑන් රථය තුළ සහ මාවත පුරා දියත් කිරීමට සිදුවන මාරාන්තික පැවැත්මේ සටන මේ කතාවෙන් දිගහැරෙනවා.