
මරණයේ දඩබිම
විශ්‍රාමික විශේෂ කාර්ය බලකායේ සොල්දාදුවෙකු වන ජෙසිකා බ්‍රොක් තමන්ගේ අඳුරු අතීතය සඟවාගෙන දියණිය සමඟ සාමකාමී ජීවිතයක් ගත කරන අතරතුර, ඇගේ අතීත සතුරන් ඇයව සොයා පැමිණීමත් සමඟ සිදුවන දරුණු ගැටුම් පෙළක් වටා තමයි මේ ක්‍රියාදාම ත්‍රාසජනක කතාව ගොඩනැඟිලා තියෙන්නේ. ජෙසිකා විසින් අතීතයේදී දඩයම් කළ කෲර යුද නායකයෙකු වන ලාසාර්, ඇගෙන් පළිගැනීම සඳහා ඇගේ කුඩා දියණියව පැහැරගන්නවා. තම දියණිය බේරාගැනීම වෙනුවෙන් අප්‍රිකානු වනාන්තරයේ කෲරත්වය මැද සන්නද්ධ කුලී ඝාතකයන් කල්ලියකට එරෙහිව තනිවම සටන් වදින්න ජෙසිකාට සිද්ධ වෙනවා. තම දරුවා වෙනුවෙන් ඕනෑම මාරක අනතුරකට මුහුණ දෙන මේ නිර්භීත මවගේ අසමසම ජීවන අරගලය සහ ඇගේ මාරාන්තික පළිගැනීමේ මෙහෙයුම මේ කතාවෙන් දිගහැරෙනවා.