
පුංචි රහස් පරීක්ෂකවරිය 2 – ගිනිකූරු කම්හලේ අභිරහස
පළමු මෙහෙයුමෙන් පස්සේ තමන්ගේම කියලා අලුත් රහස් පරීක්ෂක කාර්යාලයක් පටන් ගන්නා එනෝලා හෝම්ස්ට, ළාබාල වයසක ගැහැනු ළමයෙක් වීම නිසා මුලදී ලන්ඩන් නගරයේ කාගෙන්වත් කිසිම පිළිගැනීමක් ලැබෙන්නේ නැහැ. බලාපොරොත්තු අතහැරගෙන වැඩේ නතර කරන්න හදන වෙලාවක, කුඩා දැරියක් ඇවිත් ගිනිකූරු කම්හලක වැඩ කරද්දී අතුරුදන් වුණු තමන්ගේ අක්කාව සොයාදෙන ලෙස එනෝලාගෙන් ඉල්ලා සිටිනවා. නිකම්ම නිකන් සාමාන්‍ය අතුරුදන් වීමක් වගේ පෙනෙන මේ සිදුවීම විමර්ශනය කරන්න යන එනෝලා, නොදැනුවත්වම මුළු ලන්ඩන් නගරයම කැලඹිය හැකි අතිශය මාරාන්තික දේශපාලන සහ ව්‍යාපාරික වංචාවක දැලක සිරවෙනවා. මේ අභියෝගය ජයගන්න ඇයට තමන්ගේ ලොකු අයියා වෙන ෂර්ලොක් හෝම්ස්ගේ උදව් පවා ලබාගන්න සිද්ධ වෙන අතර, සැබෑ ඓතිහාසික සිදුවීම් පසුබිම් කරගත්තු මේ මාරාන්තික අභිරහස විසඳන විදිහ මේ ක්‍රියාදාම සිනමාපටයෙන් දිගහැරෙනවා.