
වේගයේ වීරයෝ
ලොස් ඇන්ජලිස් නගරයේ සිදුවෙන මහා පරිමාණ නීතිවිරෝධී ලොරි කොල්ලකෑම් මාලාවක් පිළිබඳ පරීක්ෂණ කරන්න එන රහස් පොලිස් නිලධාරියෙක් වෙන බ්‍රයන් ඕකොනර් රහසිගත වීදි කාර් රේස් සංස්කෘතියට එකතු වෙලා ඩොමිනික් ටොරෙටෝගේ කල්ලියට ලං වෙන්න උත්සාහ කරනවා, ඩොම්ගේ නංගි වෙන මියාගේ ආදරය දිනාගන්න ගමන් නීතිවිරෝධී රේස් එකකට තමන්ගේම කාර් එක පරදුවට තියෙන බ්‍රයන්, ඒ රේස් එක පරාජය වුණත් එකපාරටම එන පොලිස් වටලෑමෙන් ඩොම්ව බේරාගෙන එයාගේ ලොකු විශ්වාසයක් දිනාගන්න සමත්වෙනවා, රොබ් කොහෙන්ගේ අධ්‍යක්ෂණයෙන් සහ වින් ඩීසල් සමඟ පෝල් වෝකර්ගේ අමරණීය රංගනයෙන් හැඩවුණු Fast & Furious චිත්‍රපට මාලාවේ මේ මුල්ම ආරම්භයෙන් සැබෑ වීදි කාර් සංස්කෘතිය සහ අධිවේගී ක්‍රියාදාම ජවනිකා රැසක් එකතු කරනවා, ඩොම්ගේ සහෝදරත්වය සහ මියාගේ ආදරය හමුවේ තමන්ගේ පොලිස් රාජකාරිය සහ මිත්‍රත්වය අතරේ බ්‍රයන් මැදිවෙද්දී සිද්ධවෙන සැබෑ පරීක්ෂණය මුළු කතාව පුරාම ලොකු කුතුහලයක් ඉතිරි කරනවා.