
ආදරය උමතුවක් වූ කල
ඔයාලා හිතනවාද අපි හිතින් ප්‍රාර්ථනා කරන හැම දෙයක්ම අපිට ඒ විදිහටම ලැබුණොත් අපි හැමෝම සතුටින් ඉඳියි කියලා? මේ ෆිල්ම් එකේ ඉන්න කොල්ලා තමන් පණ වගේ ආදරය කරන කෙල්ලගේ හිත දිනාගන්න ඕනම දෙයක් කරන්න ලෑස්ති පිට ඉන්න කෙනෙක්. ඉතින්, දවසක් මෙයා ඒ වෙනුවෙන් ‘One Wish Willow’ කියන අභිරහස් වස්තුව කඩලා දානවා. පුදුමයකට වගේ එයා හිතපු දේ ඒ විදිහටම ඉටු වුණත්, තමන්ගේ හිතේ තිබුණු ඒ ආශාවන් ලැබුණට පස්සේ ඒ වෙනුවෙන් ගෙවන්න වෙන වන්දිය කොයිතරම් දරුණුද කියලා මෙයාට තේරෙන්නේ ටික දවසක් යද්දියි. ආදරය සහ බය එකට එකතු වෙච්ච මේ කතාව ඇතුළේ, තමන් ප්‍රාර්ථනා කරන දේවල් ගැන කොයිතරම් ප්‍රවේශම් වෙන්න ඕනද කියන එක වගේම, සමහර ආශාවන් ඉටු වුණාට පස්සේ ගෙවන්න වෙන වන්දිය කොයිතරම් බිහිසුණුද කියලා ඔයාලටත් මේක බලද්දී හොඳටම තේරේවි.