
පරිපූර්ණ අපරාධය
ඔන්න ඉතින් සිනමාලෝලී යාලුවනේ… අද අපි ඔයාලට අරගෙන ආවේ හරිම කුතුහලය පිරුණු, අවසානය වෙනකම්ම පුටුවෙන් නැගිටින්න නොදෙන නියම Crime Thriller චිත්‍රපටයක් ගැන විස්තර. මේක තමයි මලයාලම් සිනමාවේ බිහිවුණු සුපිරිම සිනමා සිත්තමක් වෙන Drishyam (2013).
පවුල වෙනුවෙන් ඕනෑම දුරක්! කතාව පටන් ගන්නේ සාමාන්‍ය කේබල් ටීවී රස්සාව කරන ජෝර්ජ්කුට්ටි (Mohanlal) ගෙන්. එයා ඉගෙනගෙන තියෙන්නේ 4 වසරට විතරක් වුණත්, ෆිල්ම්ස් බලලා ලෝකය ගැන මාර ප්‍රායෝගික දැනුමක් ලබාගත්ත කෙනෙක්. හැබැයි එක රැයකින් එයාලගේ පවුල අතින් සිද්ධ වෙන අත්වැරදීමක මිනීමැරුමක් නිසා මුළු ජීවිතේම උඩුයටිකුරු වෙනවා. මියයන්නේ නගරයේ ඉන්න බලවත්ම පොලිස්පතිනියගේ (Asha Sharath) එකම පුතා!
පොලිසිය නොමඟ යවන දෘශ්‍ය මායාව… මේ දරුණු කරදරයෙන් තමන්ගේ බිරිඳවයි (Meena) දුවලවයි බේරගන්න ජෝර්ජ්කුට්ටි නියම බුද්ධිමය සටනක් පටන් ගන්නවා. කිසිම සාක්ෂියක් ඉතුරු නොකර, තමන් ෆිල්ම්ස් වලින් ඉගෙනගත්ත මනෝවිද්‍යාත්මක උපක්‍රම පාවිච්චි කරලා මුළු පොලිස් දෙපාර්තමේන්තුවම නොමඟ යවන්න එයාට පුළුවන් වෙනවා. ලංකාවේ ‘ධර්මයුද්ධය’ විදිහට වගේම හින්දි, දෙමළ සහ චීන භාෂාවලට පවා රීමේක් වුණු මේ චිත්‍රපටයේ suspense level එක නම් උපරිමයි!