
අභ්‍යවකාශයේ සුපිරිම බේරගැනීමේ මෙහෙයුම
අවුරුදු 7ක දිගු නිහැඬියාවකට පස්සේ Star Wars විශ්වයේ ලයිව්-ඇක්ෂන් (Live-action) සිනමා අත්දැකීමක් අරන් ආපු සුපිරිම ෆිල්ම් එක තමයි Star Wars: The Mandalorian and Grogu (2026) කියන්නේ. ප්‍රසිද්ධ Mandalorian TV Series එක නිර්මාණය කරපු Jon Favreau විසින්ම අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටය පැය 2යි විනාඩි 12ක් පුරාවට ක්‍රියාදාම සහ කුතුහලයෙන් පිරී පවතිනවා.
අතුරුදහන් වූ ‘රොටා’ සෙවීමේ මෙහෙයුම! කතාව ගෙතෙන්නේ Galactic Empire එක බිඳවැටීමෙන් පස්සේ තාමත් හැංගිලා ඉන්න Imperial නායකයන්ව (Warlords) විනාශ කරන්න New Republic එකත් එක්ක එකතු වෙන දින් ජාරින් (Pedro Pascal) සහ හැමෝම ආදරේ කරන ග්‍රෝගු (Baby Yoda) වටායි. මෙවර ඔවුන්ට පැවරෙන්නේ ජැක්කා ද හට්ගේ (Jabba the Hutt) අතුරුදහන් වුණු පුත්‍රයා වෙන ‘රොටා’ (Rotta) සොයාගැනීමේ අතිශය අවදානම් සහගත මෙහෙයුමයි. මේ ගමනේදී ඔවුන්ට බිහිසුණු රාක්ෂයන් වගේම අලුත්ම සතුරන් රැසකට මුහුණදීමට සිද්ධ වෙනවා.
හොලිවුඩයේ ප්‍රවීණ නිළි Sigourney Weaver සහ Jeremy Allen White ගේ රංගන දායකත්වයෙන් හැඩවුණු මෙහි, සුපුරුදු “Space Western” ගතිය සහ මැන්ඩෝ-ග්‍රෝගු දෙන්නාගේ බැඳීම රිදී තිරයට ඉතා අපූරුවට ගෙනවිත් තිබෙනවා. පැරණි Star Wars රසිකයන්ට වගේම අලුතින්ම බලන්න එකතු වෙන ඕනෑම කෙනෙකුටත් කිසිම කම්මැලිකමක් නැතුව එක දිගට රසවිඳින්න පුළුවන් සුපිරිම Sci-Fi/Fantasy සිනමාපටයක් විදිහට මෙය හඳුන්වන්න පුළුවන්!