
මනුෂ්‍යත්වයේ අවසන් පැය
ටෝකියෝ නුවර රහසිගත විද්‍යාගාරයක් තුළ ජපන් ජාතික වෛද්‍යවරයෙකු විසින් නිර්මාණය කරන ලද අතිශය භයානක අභිරහස් වෛරසයක් හදිසියේම සමාජයට මුදා හැරීමත් සමඟ සිදුවන ලෝක ව්‍යාප්ත ව්‍යසනයක් වටා තමයි මේ විද්‍යා ප්‍රබන්ධ ක්‍රියාදාම කතාව ගොඩනැඟිලා තියෙන්නේ. ආසාදිතයන්ගේ ශරීරය සහ මනස සම්පූර්ණයෙන්ම විකෘති කරන මේ වසංගතය ඉතා වේගයෙන් මහද්වීප දෙකක් පුරා පැතිරී යන අතර, මුළු මිනිස් සංහතියටම කිසිදා නොසිතූ බිහිසුණු ඉරණමකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. විද්‍යාවේ සීමාවන් ඉක්මවා යාම නිසා ඇතිවූ මේ විනාශයෙන් බේරීමටත්, මනුෂ්‍යත්වයේ අවසන් පැය කිහිපය තුළ තමන්ගේ පැවැත්ම තහවුරු කරගැනීමටත් විවිධ රටවල වෙසෙන මිනිසුන්ට දරුණු අරගලයක යෙදෙන්න සිද්ධ වෙනවා.