
යක්ෂණියගේ පුනරාගමනය
පරණ සඟරා සහ පත්තර කලාව නැත්තටම නැති වෙලා, ඩිජිටල් මාධ්‍ය ලෝකේ රජ කරන අලුත් කාලේ, විලාසිතා ලෝකයේ කෲරතම ලොක්කිය වුණු මිරැන්ඩා ප්‍රිස්ලි ආයෙත් කරළියට ආවොත් මොකද වෙන්නේ? මේ සුපිරි දෙවැනි කොටසේ වෙන්නේ අවුරුදු ගාණකට පස්සේ මිරැන්ඩා, තමන්ගේ පරණ සහකාරිය වුණු ඇන්ඩි සැක්ස් එක්ක ආයෙත් වැඩ කරන්න සෙට් වෙන එක. හැබැයි, මේ වෙනකොට ඇන්ඩි කියන්නේ ඉස්සර වගේ ලෙහෙසියෙන් රවට්ටන්න හෝ බය කරන්න පුළුවන් අහිංසක කෙල්ලෙක් නෙවෙයි. ඉතින්, මේ දෙන්නා එකතු වෙලා නවීන ඩිජිටල් මාධ්‍ය ලෝකයත් එක්ක හැප්පෙන්නේ කොහොමද කියන එක වගේම, නූතන විලාසිතා ලෝකයේ වෙනස්වීම් සහ පෙරළියත් එක්ක තමන්ගේ වෘත්තීය ජීවිතේ ගොඩනගාගන්න කරන ලොකු ගේම, හාස්‍යජනක වගේම උපහාසාත්මක විදිහට මේ වර්ක්ප්ලේස් ඩ්‍රාමා (Workplace Drama) ෆිල්ම් එකෙන් බලාගන්න පුළුවන්.