
දවස් තුනේ පිස්සුව
ජෝ කියන්නේ මාකටින් කම්පැණියක වැඩ කරන අවුරුදු 40ක මනුස්සයෙක් වුණාට එයාට අලුත් පරම්පරාවේ Gen Z කොල්ලන්ගේ හිත් දිනාගන්න තේරෙන්නේ නැති නිසා එයාගේ අලුත්ම ප්‍රොජෙක්ට් එක සම්පූර්ණයෙන්ම ෆේල් වෙනවා. තමන්ගේ ජොබ් එක බේරාගන්න මොනවා හරි කරන්න හිතාගෙන ඉන්න අතරේ වැරදීමකින් ජෝගේ ෆෝන් එකට අවුරුදු 20 ගණන්වල කොල්ලෝ සෙට් එකක් මියාමිවල දාන්න ලෑස්ති වෙන බැචලර් පාටියක් ගැන මැසේජ් එකක් එනවා. අලුත් ජෙනරේෂන් එකේ මයින්ඩ්සෙට් එක තේරුම් අරගෙන ජොබ් එකත් බේරගන්න හිතාගෙන තමන්ගේ වයසත් අමතක කරලා මේ තරුණ කොල්ලෝ සෙට් එකත් එක්ක දවස් තුනක පිස්සු පාටියකට සෙට් වෙන්න ජෝ තීරණය කරනවා. හැබැයි මියාමිවලට ගියාට පස්සේ ජෝට සිද්ධ වෙන්නේ එයා හීනෙකින්වත් හිතපු නැති විදියේ අකරතැබ්බ ගොඩකට මූණ දෙන්නයි. වයස 40ක මනුස්සයෙක් තරුණ කොල්ලන්ගේ වයිල්ඩ් පාටි ලෝකෙට සෙට් වුණාම ඇති වෙන නොගැළපීමයි, කුණුහරුප පිරුණු අමුතු ජෝක්ස් සහ කරදර ගොඩයි එක්ක මේ දවස් තුනේ පාටිය හිතාගන්න බැරි තරම් පිස්සුවක් බවට පත් වෙනවා. ජොබ් එක බේරගන්න ගිහින් ජීවිතෙත් අනතුරේ දාගන්න ජෝට මේ කොල්ලෝ සෙට් එකෙන් ගැලවිලා ආපහු එන්න ලැබෙනවාද නැද්ද කියන එක විතරක් නෙවෙයි, මේ දවස් තුනේ පිස්සුව එයාගේ මුළු ලෝකයම අනිත් පැත්ත හරවන හැටි කතාව පුරාම සඟවාගෙන ඉන්නවා.