What's happening?

Video Sources 12 Views Report Error

  • Watch trailer
  • Player 1
Gu (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Gu (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

May. 17, 2024India127 Min.N/A
Your rating: 0
6 1 vote

Synopsis

024 වසරේ සිනමා ශාලාවල තිරගත වුවද, මෑතකදී අන්තර්ජාලයට (OTT) නිකුත් වූ Gu (2024) යනු මලයාලම් සිනමාවෙන් ආ තවත් සුවිශේෂී මෙන්ම සිතාගත නොහැකි ආකාරයේ වෙනස්ම මුහුණුවරක් ගත් මනෝවිද්‍යාත්මක බියකරු (Psychological Horror) ගණයේ සිනමාපටයකි. විවිධ ජාත්‍යන්තර සම්මාන උළෙලවල් වලදී පවා ඇගයීමට ලක්වූ මෙම නිර්මාණය, හොරර් චිත්‍රපටයක් කිව්වද බැලූ බැල්මට පෙනෙන්නේ අහිංසක ළමා චිත්‍රපටයක් ලෙස වීම මෙහි ඇති විශේෂත්වයයි. අති සුන්දර ගම් පියසක දුව පැන ඇවිදින ළමයි රංචුවක් වටා මෙහි මුළු කතාවම ගෙතී තිබෙනවා.

කතාව ආරම්භ වන්නේ නාගරික පරිසරයක හැදී වැඩුනු පුංචි දැරියක්, කාලයකට පසුව තමන්ගේ පියාගේ මහ ගෙදරට පැමිණීමත් සමඟයි. ඇය මෙන්ම ඇගේ පවුලේ නෑදෑ හිතවතුන් පිරිසක්ද මේ මහ ගෙදරට එකතු වන්නේ වසර ගණනාවකින් පවත්වන්නට සූදානම් වන සාම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍ර කිහිපයකට සහභාගී වීම සඳහායි. නගරයේ කාර්යබහුල ජීවිතයෙන් මිදිලා නිදහස් ගමකට ආවම දැනෙන ඒ අපූර්ව හැඟීමත්, නොස්ටැල්ජියානු (Nostalgia) අතීත මතකයන් අවදි කරවන සුන්දර වටපිටාවත් නිසා මේ දරුවන් පිරිසට එය ඉතාමත් ප්‍රීතිමත් කාලයක් බවට පත්වෙනවා.

නමුත් ගම්වල පවතින විවිධ අද්භූත පුරාවෘත්ත, යක්ෂයන්, පෙරේතයන් සහ භූතයන් පිළිබඳ කටකතා මේ දරුවන් අතරේ කතාබහට ලක්වීමත් සමඟම මුළු පරිසරයම වෙනස්ම මඟක් ගන්නවා. සෑම ප්‍රදේශයකටම ආවේණික වූ ජනප්‍රවාද සහ අදෘශ්‍යමාන බලවේග පවතින බව අප කවුරුත් දන්නා කරුණකි. ඉතිං මේ පුංචි දරුවන් පිරිසට තමන් කිසිසේත්ම බලාපොරොත්තු නොවූ බිහිසුණු අත්දැකීමකට මුහුණ දීමට සිදුවන අතර, ඔවුන්ගේ මේ සුන්දර නිවාඩුව අවසානයේ විනෝදජනක එකක් වෙයිද නැතහොත් ජීවිතයත් මරණයත් අතර සටනක් සහිත භයංකාර එකක් වෙයිද යන්න චිත්‍රපටය පුරාවටම කුතුහලයෙන් යුතුව නරඹන්නට පුළුවන්.

දෘශ්‍යමාන සුන්දරත්වයත්, අද්භූත බලවේගයන්ගේ බියකරු බවත් එකට මුසු කරමින්, විශිෂ්ඨ කැමරාකරණයක් (Cinematography) සහ ඊටම ගැළපෙන පරිදි තැතිගන්වනසුලු පසුබිම් සංගීතයක් (BGM) සහිතව මෙම සිනමාපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ දක්ෂ අධ්‍යක්ෂ මනු රාධක්‍රිෂ්ණන් (Manu Radhakrishnan) විසිනි. ප්‍රවීණ මලයාලම් නළු මනියන්පිල්ලේ රාජු (Maniyanpilla Raju) විසින් නිෂ්පාදනය කරන ලද මෙහි, ඔහු සමඟ ඔහුගේ පුත් නිරන්ජ් (Niranj) සහ ජනප්‍රිය නළු සයිජු කුරුප් (Saiju Kurup) ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වෙනවා.

මෙහි එන ළමා නළු නිළි කැල අතරින්, වයස අවුරුදු අටක දැරියක ලෙස අති විශිෂ්ට සහ පරිණත රංගනයක නිරත වන දේව නන්දා (Deva Nanda) පිළිබඳව විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි. ඇය වයසින් කුඩා වුවත් මේ වන විටත් සම්මානනීය සහ අතිශය ජනප්‍රිය නිළියක්. මීට පෙර ඇය රංගනයෙන් දායක වූ Thottappan, My Santa, Malikappuram (මාළිකාපුරම්), 2018, Minnal Murali වැනි සිනමාපට හරහා ඇගේ දක්ෂතාවය ඔබ දැනටමත් දැක ඇති බව නොඅනුමානයි.

ඔබ සාම්ප්‍රදායික හොරර් චිත්‍රපට රටාවෙන් මිදුණු, ස්වභාවික පරිසරයේ සුන්දරත්වය අස්සේ සැඟවුණු අමුතුම විදියේ ගුප්ත සහ මනෝවිද්‍යාත්මක ත්‍රාසජනක සිනමා අත්දැකීමක් විඳගන්න කැමති රසිකයෙක් නම්, මලයාලම් සිනමාවෙන් ආ මෙම අපූර්ව නිර්මාණය Gu (2024) කිසිසේත්ම මඟනොහැර නැරඹිය යුතුම චිත්‍රපටයක් විදිහට නිර්දේශ කරන්න පුළුවන්.

Gu (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Original title ഗൂ
IMDb Rating 7.9 139 votes

Similar titles

Turbo (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Carolina Caroline (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Neera (2025)
Dharmayuddhaya (2017)
Satyabhama (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Drishyam (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sorority Row (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ramani Kalyanam (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Razor (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
School Chale Hum (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Shylock (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Amar Akbar Anthony (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published