
මාරක සංස්කෘතිය
ඔයාලා වැඩ කරන ඔෆිස් එකෙන් නිකන් දෙන කෑම බීම බීලා කවදා හරි ලොකු අමාරුවක වැටෙන්න පුළුවන් කියලා හිතලා තියෙනවාද? මේ ෆිල්ම් එකේ ඉන්න ලූක් කියන්නේ සල්ලි ප්‍රශ්න හින්දා ඔෆිස් එකක ජොබ් එකකට යන, සංගීතයට ආස කොල්ලෙක්. මෙයා වැඩ කරන කම්පැනි එකෙන් සේවකයින්ගේ වැඩ කිරීමේ උනන්දුව වැඩි කරන්න කියලා ‘Kombucha’ (කොම්බුචා) කියන බීම එකක් හැමෝටම නිකන් දෙනවා. හැබැයි, මේ බීම එක බොන්න ගත්තට පස්සේ ඔෆිස් එකේ ඉන්න ලොක්කන්ගේ වගේම, අනිත් අයගෙත් මාරම අමුතු හැසිරීම් ටිකක් ලූක්ට දකින්න ලැබෙනවා. පස්සේ තමයි මෙයා දැනගන්නේ මේ කොම්බුචා බීම එක ඇත්තටම මිනිස්සුන්ගේ ඔළුව පාලනය කරන, ලේ උරා බොන භයානක පරපෝෂිතයෙක් කියලා. ඉතින්, ලූක්ට මේ මාරක ඔෆිස් ජාලයෙන් තමන්ගේ ජීවිතේ බේරගෙන පැනගන්න පුළුවන් වෙයිද කියලා මේ හොරර්-කොමඩි ෆිල්ම් එකෙන් බලාගන්න පුළුවන්.