
ග්රේස්කල් බලයේ ආනුභාවයෙන් විශ්වයේ වීරයා නැගී සිටියි
අපේ ළමා කාලය පාට කරපු He-Man කාටූන් එකේ නොස්ටැල්ජියාව ආයෙමත් සිනමා තිරයට අරන් ආපු සුපිරිම Live-Action ෆිල්ම් එක තමයි Masters of the Universe (2026) කියන්නේ. Travis Knight අධ්‍යක්ෂණය කරපු මේ දැවැන්ත නිර්මාණය මේ වනවිට 9.8/10 ක අතිශය ඉහළ ප්‍රතිචාර අගයක් ලබාගෙන තියෙනවා.
ඩොලර් මිලියන 170-200 ක දැවැන්ත බජට් එකකින් හැදවුණු මෙහි කතාව ගෙතෙන්නේ, කුඩා කාලයේ පෘථිවියට කඩා වැටී තමන්ගේ මායා කඩුව අහිමි කරගන්නා ඇඩම් කුමාරයා (Nicholas Galitzine) වටායි. පසුව කඩුවේ බලයෙන් ‘හීමෑන්’ බවට පත්වන ඔහු, තමන්ගේ උපන් ග්‍රහලෝකය වෙන Eternia යටත් කරගෙන ඉන්නා කෲර ස්කෙලටෝර් (Jared Leto) සමඟ කරන මහා සටන මෙහි පෙන්වනවා. Idris Elba සහ Camila Mendes ගේ දායකත්වයත්, සුපිරි VFX සහ Battle Cat ගේ සටන් ජවනිකාත් නිසා මෙය 80 දශකයේ රසිකයන් මෙන්ම අලුත් අයත් අනිවාර්යයෙන්ම නැරඹිය යුතුම එකක්. අවසානයේ Post-credit දර්ශන දෙකක්ද ඇතුළත් වෙනවා!