
විනෝද ගමන
නිවාඩුවක් ගත කිරීම සඳහා වනාන්තරයක් මැදින් ගලා බසින සුන්දර චැටාහූචි (Chattahoochee) ගඟ දිගේ බෝට්ටු පැදීමේ විනෝද චාරිකාවක නිරත වන මිතුරන් සිව්දෙනෙකු මුහුණ දෙන අතිශය බිහිසුණු අත්දැකීමක් වටා තමයි මේ ක්‍රියාදාම ත්‍රාසජනක සිනමාපටය ගොඩනැඟිලා තියෙන්නේ. විනෝදයෙන් ඇරඹෙන ඔවුන්ගේ මේ ගමන වනාන්තරය තුළ සැඟවී සිටින අඩි 29ක් දිග මිනීකන යෝධ සර්පයෙකුගේ ප්‍රහාරයට ලක්වීමත් සමඟ සම්පූර්ණයෙන්ම වෙනස් මඟක් ගන්නවා. බාහිර ලෝකයෙන් හුදෙකලා වූ වනගත පරිසරය තුළ, මේ රුදුරු යෝධ සත්වයාගෙන් සිය පණ බේරාගැනීම සඳහා ඔවුන්ට සිදු වන මාරාන්තික පැවැත්මේ සටන සහ ඔවුන්ගේ ජීවිත බේරාගැනීමේ මංමුලා සහගත උත්සාහය මේ කතාවෙන් දිගහැරෙනවා.