
එක දවසේ ආදරය
තමන්ගේම කාර්යාලයේ සේවය කරන මීරා නම් රූමත් තරුණියට රහසින් ආදරය කරන, එහෙත් එය ප්‍රකාශ කිරීමට ධෛර්යයක් නොමැති අහිංසක තරුණයෙකු වන දිනේෂ් වටා තමයි මේ හින්දි ආදර නාට්‍යමය කතාව ගොඩනැඟිලා තියෙන්නේ. ඔවුන් සහභාගී වන ජපාන චාරිකාවකදී හමුවන අද්භූත සීනුවක් අසලදී මීරාව එකම එක දවසකට හෝ තමන්ගේ කරගැනීමට දිනේෂ් ප්‍රාර්ථනා කරනවා. පුදුමයකට මෙන්, අනපේක්ෂිත සිදුවීමක් හේතුවෙන් ඇගේ මතකය තාවකාලිකව අහිමි වන අතර, දිනේෂ්ගේ ඒ අමුතු ප්‍රාර්ථනාව සැබෑවක් බවට පත්වී ඇය සමඟ එක් දිනක් ගත කිරීමට ඔහුට අවස්ථාව ලැබෙනවා. කිසිදා තමන්ට හිමි නොවන බව දැන දැනම, හිමෙන් වැසුණු සුන්දර ජපානයේ සපෝරෝ නුවර පසුබිම් කරගනිමින් මේ ආදරණීය යුවළ ගත කරන ඒ සුවිශේෂී දවස සහ ඉන් පසුව ඔවුන්ගේ ආදරයට අත්වන දෛවෝපගත ඉරණම මේ කතාවෙන් දිගහැරෙනවා.