
මරණය පරදවා ජිවිතයට පැරදුණු මිනිසා
සම්මානනීය අධ්‍යක්ෂ ගිලර්මෝ ඩෙල් ටොරෝගේ අද්භූත මනඃකල්පිත ගොතික් ශෛලියෙන් හැඩවුණු මේ කතාව පටන් ගන්නේ 1857 ශීත සෘතුවේ උත්තර ධ්‍රැවයේ හිම අතර සිරවුණු නැවකින්, නැවේ කපිතාන් ඇන්ඩර්සන්ට හිම කතර මැද බරපතල ලෙස තුවාල ලබා සිටින වික්ටර් ෆ්‍රැන්කන්ස්ටයින් නම් විද්‍යාඥයාව හමුවෙන අතර ඔහුව සොයාගෙන එන දැවැන්ත අද්භූත ජීවියෙකුගෙන් බේරුණු පස්සේ වික්ටර් තමන්ගේ අඳුරු අතීතය හෙළි කරන්න පටන් ගන්නවා, කුඩා කාලයේදී මවගේ අකල් මරණය නිසා මරණය පරාජය කර අලුත් ජීවයක් නිපදවන්න පෙළඹෙන වික්ටර් යුද්ධයෙන් මියගිය සෙබළුන්ගේ සහ අපරාධකරුවන්ගේ ශරීර කොටස් එකතු කරමින් අකුණු සැරයේ විදුලි බලයෙන් නව ජීවියෙකුට පණ දෙනවා, හැබැයි තමා සෑදූ ජීවියාගේ බියකරු පෙනුම දැකලා වික්ටර් එයාව විනාශ කරන්න හැදුවත් ඒ ජීවියා ගින්නෙන් බේරී පලා යනවා, කිසිවක් නොදන්නා අලුත උපන් ළදරුවෙකු මෙන් ලෝකයට පැමිණෙන ඒ අසරණ ජීවියාට මිනිස් සමාජයෙන් හිංසනය විඳින්න සිද්ධ වුණත් අන්ධ මහලු මිනිසෙකුගෙන් ආදරය සහ කතා කිරීමේ හැකියාව ඉගෙන ගන්නවා, ඔස්කාර් අයිසැක්, ජේකොබ් එලෝර්ඩි සහ මියා ගෝත්ගේ විශිෂ්ට රංගනයෙන් හැඩවුණු මේ කතාවෙන් තමන්ගේම නිර්මාණයට බිය වූ පියෙකු සහ ආදරය සොයාගිය අසරණ ජීවියෙකු අතර ඇතිවන මාරාන්තික පළිගැනීමේ සටන හරිම සංවේදීව පෙන්නුම් කරනවා.