
මගියන්ගේ මාරයා
විවාහයට පෙර විනෝද චාරිකාවක නිරත වන තරුණ යුවළක්, හුදෙකලා මාර්ගයක සිදුවූ රිය අනතුරකට උදව් කිරීමට නතර වීමත් සමඟ ඔවුන්ගේ ජීවිත උඩුයටිකුරු වන ආකාරය වටා තමයි මේ අද්භූත ත්‍රාසජනක කතාව ගොඩනැඟිලා තියෙන්නේ. එතැන් පටන් ඔවුන්ගේ ගමනට නොපෙනෙන අමුත්තෙකු එකතු වී ඇති බව ඔවුන්ට වැටහෙන අතර, හැම මොහොතකම තමන් පසුපසින් කවුරුන් හෝ සිටින බව දැනීමෙන් ඔවුන් දැඩි බියකට පත්වෙනවා. හදිසියේ පෙනී අතුරුදන් වන අද්භූත රූප සහ පැහැදිලි කළ නොහැකි සිදුවීම් මැදින්, මේ නොපෙනෙන මගියාගෙන් බේරී පලායන්න ඔවුන් උත්සාහ කරන සෑම අවස්ථාවකදීම එම අඳුරු බලවේගය තවත් ඔවුන්ට සමීප වෙමින් ඔවුන්ගේ ජීවිත දැඩි අනතුරක හෙළනවා.