
දිය යට බිල්ල
කොලේජ් යන යාළුවො සෙට් එකක් සෙංකඩගල ට්‍රිප් එකක් විදියට තායිලන්තේ ලස්සන දූපතකට යනවා, මුහුදු මට්ටමට යටින් තියෙන අභිරහස් ගුහාවක් ගවේෂණය කරන්න ගිහින් මේ සෙට් එක ඒ ගුහාව ඇතුළේ හිරවෙනවා, ඔක්සිජන් ටිකෙන් ටික ඉවර වෙද්දී මේ කළුවර ගුහාව ඇතුළේ මිනීමරු සතෙක් මෙයාලව දඩයම් කරන්න පටන් ගන්නවා, හුස්ම ගන්න විදිහක් නැතිව ඒ අඳුරේ බේරෙන්න දඟලනකොට ප්‍රේක්ෂකයාටත් හුස්ම හිරවෙනවා වගේ දැනීමක් එනවා, ඒත් මේකේ ඇත්තටම බයානකම දේ ඒ සතා විතරක් නෙමේ, මරණ බය දැනෙද්දී මේ යාළුවො අතරේ කාලයක් තිස්සේ හැඟිලා තිබුණු ඉරිසියාව, තරහව, පරණ කෝන්තර එකින් එක එළියට එන්න පටන් ගන්නවා, මිනිස්සුන්ගේ ඇත්තම ස්වභාවය එළියට එන්නේ මේ වගේ අවස්ථා වලදී තමයි කියන එක මේ කතාවෙන් හොඳටම පේන්න තියෙනවා, Truth or Dare සහ Fantasy Island වගේ හොරර් චිත්‍රපට නිර්මාණය කරපු ජෙෆ් වොඩ්ලෝගේ අධ්‍යක්ෂණය එක්ක කැත්රින් නිව්ටන් සහ ලානා කොන්ඩෝර්ගේ රංගනය මේ කතාවට තවත් ජීවයක් එකතු කරනවා, ඒ අඳුරු ගුහාව ඇතුළේ මේ යාළුවන්ට අන්තිමට මොකද වෙන්නේ?