
අබාෂිරි හිරගෙදර සටන
අයිනු ජාතිකයන්ගේ සැඟවුණු රන් නිධානය සොයාගැනීම සඳහා ප්‍රතිවාදී කණ්ඩායම් කිහිපයක් අතර සිදුවන මාරාන්තික අරගලය වටා තමයි මේ ජපන් ඓතිහාසික ක්‍රියාදාම කතාව ගොඩනැඟිලා තියෙන්නේ. රන් නිධානය සිතියම් ගත කර ඇති රහස දන්නා ප්‍රධානතම සිරකරුවා වන “නොපෙරා-බෝ” ගේ සැබෑ අනන්‍යතාවය සහ රහස සෙවීම සඳහා ප්‍රධාන චරිත වන සුගිමොටෝ සහ අසිරීපා, අතිශය දැඩි ආරක්ෂාවක් සහිත මෙන්ම භයානක සිරකඳවුරක් වන අබාෂිරි බන්ධනාගාරය වෙත ළඟාවීමට උත්සාහ කරනවා. අනෙකුත් සතුරු කණ්ඩායම් තමන්ට වඩා පෙර සිරකඳවුර වෙත කඩා වැදීමට සැලසුම් කරන පසුබිමක් තුළ, ඔවුන්ට මුහුණ දීමට සිදුවන අතිශය දරුණු ගැටුම් සහ මාරාන්තික ත්‍රාසජනක අභියෝග රැසක් මේ කතාවෙන් දිගහැරෙනවා.