
නොබිඳෙන ආත්මීය බැඳීම
වසර 22 කට පසු තමන්ගේ ළමා කාලය ගෙවුණු, තමන්ට අහිමි වූ උපන් ගමට ඥාතියෙකුගේ මංගල උත්සවයක් සඳහා පැමිණෙන අරුල්මොළි නම් තරුණයා වටා තමයි මේ දමිළ පවුල් කතාව ගොඩනැඟිලා තියෙන්නේ. එහිදී ඔහුට තමන්ගේ නම පවා මතක නැති, එහෙත් තමන් වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට සැදී පැහැදී සිටින අහිංසක සහ ආදරණීය ඥාති සහෝදරයෙකු අහඹු ලෙස යළි මුණගැසෙනවා. මේ අපූර්ව මිනිසා දක්වන කොන්දේසි විරහිත සෙනෙහස සහ ආදරය නිසා අරුල්මොළිගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් මාවතකට හැරෙන්න පටන් ගන්නවා. එක් රාත්‍රියක් තුළ සිදුවන සංවාද සහ සිදුවීම් මාලාවක් ඔස්සේ අතීතයේ මඟහැරුණු සබඳතා, ළමා කාලයේ සුන්දර මතකයන් සහ මිනිසත්කමේ සැබෑ අරුත සොයායන ඉතාමත් සංවේදී ගමනක් මෙයින් දිගහැරෙනවා.