
අම්මාගේ කම්පැනිය බේරගන්න
තමන්ගේ ජීවිතය විනෝදයෙන් ගත කරන අතිශය සූක්ෂම මෙන්ම දක්ෂ වංචාකාර තරුණයෙකු වටා තමයි මේ කන්නඩ ක්‍රියාදාම ප්‍රහසන කතාව ගොඩනැඟිලා තියෙන්නේ. අහම්බෙන් පොලිස් අඩස්සියට පත්ව සිරගත වන ඔහුට, තමන්ගේ පියා කෝමා තත්ත්වයෙන් පසුවන බවත් සිය මියගිය මව විසින් මහන්සියෙන් ගොඩනැඟූ ව්‍යාපාරික ආයතනය සම්පූර්ණයෙන්ම විනාශ වීමේ අවදානමකට ලක්ව ඇති බවත් දැනගන්න ලැබෙනවා. මවගේ අවසන් උරුමය සහ ව්‍යාපාරය කූට උපක්‍රමවලින් ගිලගැනීමට මාන බලන සතුරන්ගෙන් එය බේරාගැනීම සඳහා ඔහු සිය වංචනික හැකියාවන් සහ උපක්‍රමශීලී බුද්ධිය භාවිත කරමින් අලුත් සෙල්ලමක් ආරම්භ කරනවා. ආයතනය ඇතුළේ සිදුවන බල අරගල හමුවේ ඔහු දියත් කරන මේ සූක්ෂම මෙහෙයුම හාස්‍යජනක මෙන්ම උද්වේගකර ජවනිකා රැසක් මැදින් දිගහැරෙනවා.