
හෘදයාංගම සබැඳියාව
සාර්ථක හදවත් බද්ධ කිරීමේ සැත්කමකින් පසුව අලුත් ජීවිතයක් ලබන සන්දීප් නම් පුද්ගලයා වටා තමයි මේ සංවේදී මලයාලම් පවුල් කතාව ගොඩනැඟිලා තියෙන්නේ. තමන්ට හදවත පරිත්‍යාග කරපු පුද්ගලයාගේ දියණිය වන හරිතාගේ විවාහ ගිවිස ගැනීමේ උත්සවයට සහභාගී වීමට යන සන්දීප්ට, එහිදී නොසිතූ ලෙස දින කිහිපයක් නතර වීමට සිදුවෙනවා. ඒ කාලය තුළ ඔහු තමන්ට ජීවිතය ලබාදුන් ඒ ආදරණීය පවුලේ සාමාජිකයන් සමඟ ඉතාමත් සමීපව බැඳෙන්නට පටන් ගන්නවා. තමන්ට ජීවය දුන් මිනිසුන් සමඟ ගොඩනැඟෙන මේ සුවිශේෂී මානුෂීය සබඳතාව නිසා සන්දීප්ගේ මුළු ජීවිතයම සම්පූර්ණයෙන්ම වෙනස් මාවතකට හැරෙන්න පටන් ගන්නවා.