
ඩිජිටල් ලොවට ඇනලොග් ඔත්තුකරු
බ්‍රිතාන්‍ය ඔත්තු සේවාවේ දත්ත ගබඩාවට එල්ල වන සයිබර් ප්‍රහාරයක් නිසා සියලුම සක්‍රීය රහස් නියෝජිතයන්ගේ අනන්‍යතාවයන් ලොවට හෙළිවීමත් සමඟ, පාසලක ගුරුවරයෙකු ලෙස සේවය කරමින් විශ්‍රාම සුවයෙන් සිටින ජොනී ඉංග්ලිෂ්ව නැවත සේවයට කැඳවීමට සිදුවන අපූරු කතාව වටා තමයි මේ තෙවන කොටස ගොඩනැඟිලා තියෙන්නේ. නවීන ඩිජිටල් තාක්ෂණයේ උපකරණ භාවිතය ප්‍රතික්ෂේප කරමින්, තම පැරණි සහායකයා වන බොෆ් ද සමඟින් සම්ප්‍රදායික ඇනලොග් ක්‍රමවේද සහ උපක්‍රම භාවිත කරමින් මේ අද්භූත හැකර්වරයා සොයායන්න ජොනී ඉංග්ලිෂ් කටයුතු කරනවා. ඩිජිටල් යුගයේ අභියෝගයන්ට මුහුණ දෙන්නට තමන්ටම ආවේණික වූ විකාරරූපී ඇනලොග් ක්‍රම පාවිච්චි කරන ඔහුගේ මේ නවතම හාස්‍යජනක මෙහෙයුම ඉතාමත් විනෝදාත්මක අයුරින් දිගහැරෙනවා.