
වැටුණු තාරකාවක ඉරණම
අහසින් පෘථිවියට කඩා වැටෙන අද්භූත ජීවමාන තාරකාවක් සහ එය අහම්බෙන් හමුවන ජීවිතයේ බොහෝ දේ අහිමි වූ අයිස්ලින් නම් තරුණිය වටා තමයි මේ අද්භූත ෆැන්ටසි ක්‍රියාදාම කතාව ගොඩනැඟිලා තියෙන්නේ. මේ තාරකාව සතු සීමා මායිම් නොමැති විශ්වීය බලය තමන් සතු කරගැනීමට උත්සාහ කරන කෲර අපරාධකරුවන් පිරිසක් ඇය පසුපස ලුහුබැඳීම ආරම්භ කරනවා. අඳුරු රාත්‍රියක් පුරා දිවෙන මේ මාරාන්තික දඩයමෙන් සහ ප්‍රහාරයන්ගෙන් බේරීමට ඇයට අහඹු ලෙස මුණගැසෙන රෆායෙල් සහ ජොෂුවාගේ සහාය ලබාගැනීමට සිදුවෙනවා. තමන්ගේ ජීවිතයත්, මේ අද්භූත තාරකාවේ බලයත් නපුරු බලවේගවලින් ආරක්ෂා කරගැනීමට ඇයට දැඩි සටනක නිරත වෙන්න සිද්ධ වෙනවා.