
මාරාන්තික උගුලක සිරවී
ඝන වනාන්තරයක් මැදදී තමන්ගේ මිතුරන්ගෙන් මඟහැරී අතරමං වන තරුණයෙක්, අඩි 10ක් පමණ ගැඹුරු මාරාන්තික වළකට ඇද වැටීමත් සමඟ සිදුවන බිහිසුණු සිදුවීම් මාලාවක් වටා තමයි මේ Survival ත්‍රාසජනක කතාව ගොඩනැඟිලා තියෙන්නේ. යකඩ උල්වලින් පිරුණු මේ වළ පතුලේ වැටී තුවාල ලබන ඔහුට වැටහෙන්නේ, මෙය අහම්බයක් නොවන බවත්, තමන්ව කවුරුන් හෝ විසින් ඉතා සූක්ෂමව අටවන ලද මර උගුලකට හසු කරගෙන ඇති බවත්ය. වළෙන් පිටත සිටින නොපෙනෙන දඩයක්කාරයා තවමත් තමා දෙස බලා සිටින බව තේරුම් ගන්නා ඔහු, දරුණු ශාරීරික වේදනාව සහ මරණ බිය මැද තමන්ගේ පණ බේරාගැනීමටත්, මේ බිහිසුණු උගුලෙන් පැන යාමටත් අතිශය දුෂ්කර ජීවිත සටනක නිරත වෙනවා.