
මාරක සොරකම
සොරකම් ලෝකයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වෙලා නිස්කලංක ජීවිතයක් ගත කරන දක්ෂ හොරෙක්ගේ සාමකාමී දවස් ටික එකපාරටම අවසන් වෙන්නේ එයාගේ මල්ලි කරපු මෝඩ වැඩක් නිසා, මල්ලි ලොකු සල්ලි ගොඩකට ආසා වෙලා කරපු සොරකමක් නිසා භයානක තත්ත්වයකට වැටෙනකොට අයියාට නිකන් බලන් ඉන්න බෑනේ, ඉතින් සහෝදරයා බේරගන්න එයාට තමන් දන්න හැම උපක්‍රමයක්ම ආයෙත් පාවිච්චි කරන්න වෙනවා, ඒත් ඒක එච්චර ලේසි නෑ මොකද පරණ හතුරො ආයෙත් මතු වෙනවා, අලුත් තර්ජන එකින් එක එනවා, ජෝන් ට්‍රැවෝල්ටා මේ ප්‍රධාන චරිතයට පණ පොවනකොට එයාගේ සුපුරුදු ඇක්ෂන් රංගනය ආයෙත් දකින්න ලැබෙනවා, Face/Off සහ Pulp Fiction වගේ ලෝක ප්‍රසිද්ධ චිත්‍රපට වලින් නම දිනාගත්ත මේ ප්‍රවීණ නළුවා වයසට ගියත් තවමත් ඇක්ෂන් චරිත වලට සාධාරණය ඉටු කරන බව මේකෙන් පේනවා, බෲස් විලිස් සහ සිල්වෙස්ටර් ස්ටැලෝන් වගේ නළුවන් එක්ක ඇක්ෂන් චිත්‍රපට ගොඩක් නිෂ්පාදනය කරපු රැන්ඩල් එමට් අධ්‍යක්ෂණය කරපු මේ කතාවේ සහෝදර බන්ධනය සහ ඇක්ෂන් එකට මිශ්‍ර වෙන විදිය දැනගන්න නම් ඔයාලටම බලන්න වෙනවා.