
නීතිය සහ යුක්තිය: සත්‍යය දිනන සටන
රකට බොලිවුඩ් සිනමා අධ්‍යක්ෂකවරයෙකු වන රෝහන් කුරානා විසින් තමන්ට බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව පවසමින් ඔහුගේ සහාය නිර්මාණ ශිල්පිනියක වන අංජලී කරන චෝදනාවක් සහ ඒ වටා දිවෙන අධිකරණමය සටනක් තමයි මේ හින්දි අපරාධ නාට්‍යමය කතාවට පසුබිම් වෙන්නේ. පහළ උසාවියෙන් වසර දහයක සිරදඬුවමක් නියම වන රෝහන්, මහාධිකරණයට සිය අභියාචනය ඉදිරිපත් කරන අතර එහිදී ඔහුගේ නිදොස්භාවය ඔප්පු කිරීමට ප්‍රකට සහ අතිශය දක්ෂ නීතිඥ තරුන් සලුජා ඉදිරිපත් වෙනවා. වින්දිත අංජලී වෙනුවෙන් සාධාරණය ඉල්ලා අධිකරණය හමුවේ පෙනී සිටින්නේ තරුන්ගේම පැරණි ශිෂ්‍යාවක වන හිරල් ගාන්ධි නීතිඥවරියයි. ජනමාධ්‍ය සහ මහජන පීඩනය මැද, කරුණු සහ සාක්ෂි මත පදනම් වූ නීතියේ දැඩි ප්‍රතිපත්තියත්, යුක්තිය සහ සදාචාරයත් අතර ඇතිවන මේ තියුණු නීතිමය සටන සහ එහි අවසාන තීන්දුව කුතුහලය දනවන අයුරින් දිගහැරෙනවා.