
දරු දුක
මරියා සහ ඒවරි බෲක්ස් කියන්නේ සතුටින් ජීවත් වෙන අඹුසැමි යුවළක්, මේ දෙන්නගේ ජීවිතේ ලොකුම සතුට තමයි මෙයාලගේ පුංචි දුව, ඒත් ඒ පුංචි දුව හදිසියේම නැති වෙනකොට මේ දෙන්නගේ මුළු ලෝකේම එකපාරටම කඩාවැටෙනවා, දරුවෙක් නැතිවුණාම අම්මා කෙනෙකුටයි තාත්තා කෙනෙකුටයි දැනෙන වේදනාව වචන වලින් කියන්න බැරි තරම්, නිකම්ම අඬලා දුක් වෙනවා විතරක් නෙමේ ඒ නිහඬ ශෝකය මෙයාලගේ සම්බන්ධතාවයත් මුළු ජීවිතයත් සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාන්න පටන් ගන්නවා, දරාගන්න බැරි දුක ඇතුළේ හිරවෙච්ච මේ දෙන්නා පියවරින් පියවර හිතාගන්න බැරි තීරණ ගන්න පටන් ගන්නවා, ෆිල්ම් එකේ නමම “Tragic Villain” හෙවත් “ඛේදවාචකයේ දුෂ්ටයා” කියලා දාලා තියෙන්නේ ඒක නිසාමයි, මේකේ ඇක්ෂන් සීන් වලට වඩා මිනිස්සුන්ගේ මානසික ගැටුම් සහ හැඟීම් ගැඹුරට ගවේෂණය කරන එක තමයි ප්‍රධාන වෙන්නේ, ඒ දරාගන්න බැරි ශෝකය අන්තිමට මේ දෙන්නව කොතැනටද රැගෙන යන්නේ කියන එක දැනගන්න නම් ඔයාලටම බලන්න වෙනවා.