
යක්ෂණියක් කැඳවන දරු නැළවිල්ල
තම කුලුඳුල් බිළිඳාගේ උපතත් සමඟ ඉතාමත් සතුටින් සහ සාමකාමීව ජීවත් වන තරුණ යුවළකට මුහුණ දීමට සිදුවන අද්භූත බිහිසුණු අත්දැකීම් පෙළක් වටා තමයි මේ අද්භූත හොරර් කතාව ගොඩනැඟිලා තියෙන්නේ. දිනක් මෙම මවට පැරණි පොතක තිබී හමුවන අපූරු දරු නැළවිලි ගීතයක්, නිතරම හඬන සිය බිළිඳා නැළවීම සඳහා ඇය විසින් ගායනා කරනු ලබනවා. එහෙත් ඇය ගායනා කරනු ලැබුවේ සාමාන්‍ය දරු නැළවිල්ලක් නොව, පුරාණ හෙබ්‍රෙව් සංස්කෘතියට අනුව ළදරුවන් පැහැරගන්නා “ලිලිත්” (Lilith) නමැති භයානක අඳුරු යක්ෂණියව කැඳවනු ලබන ශාපලත් මන්ත්‍රයක් බව ඇය දැන සිටියේ නැහැ. එම ගායනයත් සමඟ ඔවුන්ගේ නිවස තුළට පැමිණෙන නොපෙනෙන අද්භූත බලවේගයන්ගේ දරුණු තර්ජන හමුවේ, සිය බිළිඳාගේ ජීවිතය බේරාගැනීම සඳහා මේ අසරණ දෙමාපියන් දෙදෙනා දියත් කරන මාරාන්තික අරගලය මේ කතාවෙන් දිගහැරෙනවා.