
ගිලෙන බෝට්ටුව
මිතුරියකගේ විවාහ මංගල්‍යයකට සහභාගී වීම සඳහා තායිලන්තය බලා යන එමා සහ ලානි නම් සමීපතම මිතුරියන් දෙදෙනෙකුට මුහුදු සවාරියක් අතරතුරදී මුහුණ දීමට සිදුවන අනපේක්ෂිත බිහිසුණු අනතුරක් වටා තමයි මේ මුහුදු ජීවිත අරගලයේ ත්‍රාසජනක කතාව ගොඩනැඟිලා තියෙන්නේ. විනෝදය සඳහා ඔවුන් ගමන් ගන්නා බෝට්ටුව හදිසියේම බිඳ වැටී මහා සාගරය මැද ගිලෙන්නට පටන් ගන්නා අතර, කිසිදු උපකාරයක් නොමැතිව ඔවුන් දෙදෙනා මුහුදේ අතරමං වෙනවා. බෝට්ටුව ගිලී යාමට අමතරව, ඔවුන් අනතුරට ලක්වන්නේ මිනීකන කොටි මෝරුන් (Tiger sharks) රංචු පිටින් ගැවසෙන අතිශය භයානක මුහුදු කලාපයක වීම නිසා ඔවුන්ගේ ජීවිත අවදානම දෙගුණ තෙගුණ වෙනවා. මෙම රුදුරු සාගර සතුන්ගෙන් සිය ප්‍රාණය බේරාගැනීම සඳහා මේ මිතුරියන් දෙදෙනාට මහා සාගරය මැද දියත් කිරීමට සිදුවන මාරාන්තික සටන මේ කතාවෙන් දිගහැරෙනවා.