
මළවුන්ගේ ශාපය
තමන්ගේ ආදරණීය සැමියා වන විල්ගේ හදිසි අභාවයෙන් පස්සේ එයාගේ අවමංගල්‍යයට සහභාගී වෙන්න මහගෙදරට යන ඇලිස් කියන තරුණ බිරිඳට මුහුණ දෙන්න වෙන්නේ පවුලේ අයගේ ලොකු වෛරයකට සහ නොසිතූ බියකරු අත්දැකීමකට, විල්ගේ මරණයට වගකියන්න ඕනේ ඇලිස් කියලා හිතන පවුලේ අය එකතු වෙලා මේ පරණ ගෙදර නැවතිලා ඉන්න අතරතුර විල්ගේ සීයා අතින් සිද්ධවුණු අඳුරු අතීතයක් සහ භූත පොතක් නිසා ඒ මුළු ගෙදරටම ලොකු ශාපයක් කඩාපහත් වෙනවා, ඊටපස්සේ පවුලේ සාමාජිකයන් එකින් එකා මනුෂ්‍ය ආත්ම අහිමි වී අමනුෂ්‍ය ආවේශයන්ට ලක්වෙමින් මෘගයන් වගේ හැසිරෙන්න පටන් ගන්නවා, මියගිය විල් පවා නැවත පැමිණියත් ඒ ඇලිස් ආදරය කරපු සැමියා නෙමේ, සෙබස්තියන් වානිසෙක්ගේ අධ්‍යක්ෂණයෙන් සහ සුහෙයිලා යාකුබ්ගේ ප්‍රබල රංගනයෙන් හැඩවුණු මේ Evil Dead සිනමා එකතුවේ අලුත්ම කතාවෙන් ලේ වැගිරීම් සහ ඇඟ හිරිවැටෙන බිහිසුණු දර්ශන එකතු කරමින් වෙනස්ම විදියේ භීෂණ අත්දැකීමක් ගෙනෙනවා, තමන්ගේම පවුලේ අය යක්ෂයන් බවට පත්වෙද්දී මේ මාරාන්තික ශාපයෙන් තමන්ගේ ජීවිතය බේරාගන්න ඇලිස් කරන භයානක අරගලය මුළු කතාව පුරාම දැඩි ත්‍රාසයක් ඉතිරි කරනවා.