
පාතාලයට රිංගපු ජෝයි
අතීතයේ මුහුණ දුන් දරුණු යුද අපරාධ සහ සිදුවීම් නිසා මානසිකව ඇද වැටී ලන්ඩන් නුවර වීදිවල අනාථයෙකු ලෙස දිවි ගෙවන ජෝයි නමැති හිටපු විශේෂ කාර්ය බලකා සෙබළා වටා තමයි මේ ක්‍රියාදාම අපරාධ ත්‍රාසජනක කතාව ගොඩනැඟිලා තියෙන්නේ. එක්තරා දිනක අහම්බෙන් වෙනත් අයෙකුගේ අනන්‍යතාවයක් භාවිතා කරමින් සිය අතීතයෙන් මිදී අලුත් ජීවිතයක් ආරම්භ කිරීමට ඔහුට අනපේක්ෂිත අවස්ථාවක් හිමි වන අතර, ඒ ඔස්සේ ඔහු ලන්ඩන් අපරාධ පාතාලය වෙත පිවිසෙනවා. එහෙත් නව අනන්‍යතාවයක් යටතේ පාතාලයේ ඉහළටම යන ඔහුට තමන්ගේ අඳුරු අතීතයේ බියකරු මතකයන්ගෙන් ගැලවීමට නොහැකි වන අතර, අලුතින් මුහුණ දීමට සිදුවන දරුණු අපරාධ ගැටලු රැසක් නිසා ඔහුගේ ජීවිතය තවදුරටත් සංකීර්ණ මාවතකට යොමු වෙනවා. සිය අතීත වැරදිවලට වන්දි ගෙවීමට උත්සාහ කරන ජෝයි, තමන් වටා ඇති අපරාධ ජාලයට සහ සතුරන්ට එරෙහිව දියත් කරන මෙම මාරාන්තික මෙහෙයුමේ අවසානය කුමක්වේදැයි මෙයින් දැකගත හැකියි.