
කඩවුණු හීන
වයස අවුරුදු දහය වෙනකම් කතා කරගන්නවත් බැරුව හිටපු ළමයෙක් පස්සේ කාලෙක තමන්ගේ දුප්පත්කම සහ සමාජයෙන් එන පීඩනය හමුවේ අතනොහැර උත්සාහ කරලා මුළු රටම හොල්ලන දක්ෂ රැප් ගායකයෙක් බවට පත්වෙන ලස්සන අභියෝගාත්මක කතාවක් තමයි මේ, සංගීතය කියන්නේ නිකම්ම විනෝදයට විතරක් නෙමේ සමාජයේ තියෙන කුහකකම් සහ අධ්‍යාපන පද්ධතියේ තියෙන අසාධාරණයන් ප්‍රශ්න කරන්න පාවිච්චි කරන්න පුළුවන් ලොකුම ආයුධයක් කියලා මේ කතාවෙන් අපූරුවට ඉස්මතු කරනවා, අර්ජුන් අන්බුදන් තමන්ගේ පළමු ප්‍රධාන රංගනයෙන් රැප් ගායනය වගේම හැඟීම්බර අවස්ථාත් හරිම තාත්විකව ඉදිරිපත් කරන අතර මුනිෂ්කාන්ත්ගේ රංගනය සහ ඇත්තම දමිළ රැප් ගායකයන් එකතු වී නිර්මාණය කළ රැප් සටන් කතාවට ලොකු ආකර්ෂණයක් එකතු කරනවා, ජනප්‍රියත්වයත් එක්කම ජීවිතයට එකතු වෙන ආදරය, කීර්තිය සහ සමාජයේ තියෙන කුරිරුකම් මැද්දේ තමන්ගේ කලාවේ සැබෑ අරමුණ සොයායන මේ තරුණයාට තමන්ගේ කඩවුණු හීන සැබෑ කරගෙන සටන ජයගන්න ලැබෙන එක ගැන කතාව පුරාම ලොකු කුතුහලයක් ගොඩනැගෙනවා.