
නොමියෙන ආදරය
අම්මා තාත්තා නැතුව තනිවම ජීවත් වෙන තියෝ කියන්නේ ගමේ අයගෙන් මෙන්ටල් කියලා ලේබල් වුණු අහිංසක කොල්ලෙක්, තනියම කතා කරනවා කියලා ගමේ අය හිතුවට ඇත්තටම තියෝට පෙනෙන්නේ මියගිය අයගේ ආත්ම, ජීවත් වෙන කිසිම කෙනෙක් තියෝට හොඳින් කතා නොකරද්දී අහම්බෙන් හමුවෙන මියගිය පුද්ගලයන් කිහිප දෙනෙක් තියෝ තමන්ගේ ගෙදරට එක්කන් ඇවිත් එයාලව තමන්ගේම පවුලක් කරගන්නවා, ජීවත් වෙන මිනිස්සුන්ට වඩා මේ මියගිය ආත්ම තියෝට ආදරයෙන් සලකන්න පටන් ගන්නවා, ජීවත් වෙන අයට තියෙන බය නිසාම තමන්ගේ පෙම්වතියත් මැරුණු කෙනෙක් වුණා නම් හොඳයි කියලා හිතන තියෝ මේ මියගිය පිරිසත් එක්ක එකතු වෙලා තරුණ වයසින් මියගිය ගෑනු ළමයෙක්ව හොයන්න පටන් ගන්නවා, මැතිව් තෝමස්, ජගදීෂ් සහ දේවිකා සංජේගේ තාත්වික රංගනයෙන් සහ අරුන්ලාල් රාමචන්ද්‍රන්ගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුණු මේ කතාව මුලින් හාස්‍යජනක තේමාවකින් ගලාගෙන ගියත් පස්සේ ඉතාමත් සංවේදී පැත්තකට හැරෙනවා, තනියෙන් අසරණ වුණු කොල්ලෙක් සහ මේ අමුතුම පවුල අතර තියෙන බැඳීම අවසානයේ හදවතටම දැනෙන අත්දැකීමක් ඉතිරි කරනවා.