
අවසන් මෙහෙයුම
2021 වසරේ අගෝස්තු මාසයේදී ඇෆ්ගනිස්ථානයෙන් ඇමරිකානු හමුදා ඉවත් වීමත් සමඟ කාබුල් නගරය තලේබාන් සංවිධානයේ ග්‍රහණයට පත්වන අවස්ථාවේ සිදුවූ සත්‍ය සිදුවීමක් ඇසුරින් නිර්මාණය වූ මේ යුද ත්‍රාසජනක කතාව ගොඩනැඟිලා තියෙන්නේ අසරණ මිනිසුන් පිරිසකගේ ජීවිත බේරාගැනීමේ මෙහෙයුමක් වටායි. තලේබාන්වරුන් නගරය ආක්‍රමණය කිරීමත් සමඟ බටහිර රටවල් සියලුම තානාපති කාර්යාල වසා දමද්දී, ප්‍රංශ තානාපති කාර්යාලය පමණක් විවෘතව තැබීමට තීරණය කරන අතර තලේබාන්වරුන්ගෙන් බේරීමට උදව් ඉල්ලන දහස් සංඛ්‍යාත අහිංසක ඇෆ්ගන් වැසියන් පිරිසක් එය වටලනු ලබනවා. මෙම අතිශය අවදානම් සහගත තත්ත්වය හමුවේ කොමාන්ඩර් මොහොමඩ් බීඩා ඇතුළු කණ්ඩායමට පැවරෙන්නේ, ජීවිත අනතුරේ දවටමින් වටලෑමට ලක්ව සිටින මේ සියලු වැසියන්ව ආරක්ෂිතව ගුවන් තොටුපළ වෙත රැගෙන යාමේ අතිශය දුෂ්කර සහ මාරාන්තික රාජකාරියයි. හැමතැනම මරණයේ බිය පැතිර පවතින කාබුල් නගරය මැදින් සතුරන්ට මුහුණ දෙමින් මේ අහිංසක ජනතාව බේරාගැනීමට දියත් කරන අතිශය බිහිසුණු අවසන් මෙහෙයුමේ ඉරණම විසඳෙන ආකාරය මෙයින් බලාගත හැකියි.