
පිටසක්වල ලුහුබැඳීම
තමන්ගේ පවුලේ අය සමඟ ගම්බද පළාතක සාමකාමීව ජීවත් වන ඩැනියෙල් සහ මිෂෙල් නම් තාරකා භෞතික විද්‍යාඥ යුවළට මුහුණ දීමට සිදුවන අනපේක්ෂිත අනතුරක් වටා තමයි මේ විද්‍යා ප්‍රබන්ධ ත්‍රාසජනක කතාව ගොඩනැඟිලා තියෙන්නේ. ඩැනියෙල්ට පිටසක්වල ජීවීන් පිළිබඳව පැහැදිලි සාක්ෂියක් ලැබී එය මුළු ලෝකයටම හෙළිදරව් කිරීමත් සමඟ, ඔවුන්ගේ සාමකාමී ජීවිතය සම්පූර්ණයෙන්ම උඩුයටිකුරු වෙනවා. නාඳුනන බලවේගයකින් එල්ලවන මරණ තර්ජන සහ තාක්ෂණික ලුහුබැඳීම්වලින් බේරීමට තමන්ගේ නිවසද හැරදමා පලායන්න මේ පවුලට සිද්ධ වෙනවා. තමන් පසුපස හඹා එන්නේ රජයේ රහසිගත සංවිධානයක්ද නැතහොත් වෙනත් පිටසක්වල බලවේගයක්දැයි සොයායන්න ඔවුන්ට දැඩි ජීවිත සටනක නිරත වෙන්න සිද්ධ වෙනවා.