












අසාධාරණ ලෙස ඝාතනයට ලක්වූ මියගිය අයගේ අතෘප්තිමත් ආත්මයන් දැකීමේ අද්භූත හැකියාව නිසා රාත්‍රී කාලයේදී දැඩි ලෙස පීඩා විඳින ධනවත් ව්‍යාපාරික උරුමක්කාරියක වන චොන් යෝ-රි සහ නොවිසඳුණු මිනීමැරුම් නඩු විමර්ශනය කරන අතිදක්ෂ රජයේ අභිචෝදකවරයෙකු වන මා කං-උක් වටා තමයි මේ කොරියානු හොරර් ප්‍රහසන කතාමාලාව ගොඩනැඟිලා තියෙන්නේ. අවතාර දැකීමේ රහස බාහිර ලෝකයෙන් වසන් කරමින් සුඛෝපභෝගී හෝටල් ප්‍රධානියෙකු ලෙස දිවි ගෙවන යෝ-රිට, රාජකාරියට අතිශය දක්ෂ වුවත් අවතාර දුටු සැනින් දැඩි බියට පත්වන අභිචෝදක මා කං-උක්ව අහඹු ලෙස මුණගැසෙනවා. සමාජය තුළ සිදුවන නොවිසඳුණු අභිරහස් අපරාධ නඩු විසඳීම සඳහා ඔවුන් දෙදෙනා එක්ව දියත් කරන අපූර්ව මෙහෙයුම් සහ ඒ අතරතුර ඔවුන් දෙදෙනා අතර ගොඩනැඟෙන අද්භූත ආදර කතාව මේ කතාමාලාව පුරාවටම දිගහැරෙනවා.