
අඳුරු යක්ෂ උපත
සාරා කියන්නේ අහිංසක ගැබිනි කාන්තාවක්, තමන්ගේ දරුවාගේ තාත්තා වෙන ට්‍රෝයිගෙන් එන රාත්‍රී කෑමක ආරාධනාවක් පිළිඅරගෙන සාරා ඈත ගම්මානයක තියෙන පාලු ගෙදරකට යනවා, ඒත් ට්‍රෝයි සාරාට ළං වෙලා තියෙන්නේ මුල ඉඳන්ම සැලසුමක් කරගෙන, එයාගේ අම්මා සාමාන්‍ය කෙනෙක් නෙමේ අන්තවාදී යකැදුරු ඇදහිලි පස්සේ යන භයානක කාන්තාවක්, මේ දෙන්නා සාරාව රවට්ටගෙන ගේන්නගෙන තියෙන්නේ සාමාන්‍ය දරුවෙක්ව ලෝකෙට බිහි කරන්න නෙමේ සාතන්ගේ දරුවාව මේ ලෝකෙට ගේන්න, තමන්ගේ කුස ඇතුළේ ඉන්නේ යක්ෂයෙක් කියලා දැනගන්න අම්මා කෙනෙක්ගේ වේදනාව සහ බය මේ කතාව ඇතුළේ හරිම භයානක විදියට පෙන්නලා තියෙනවා, ක්ලෝයි වෑන් ලෑන්ඩ්ස්කූට් සාරාගේ චරිතයට පණ පොවන විදිය ඇත්තටම සුපිරියි මොකද වේදනාව බය වගේම දරුවා වෙනුවෙන් තියෙන ආදරය එයාගේ මූණෙන් හොඳටම පේනවා, මේක Volume 1 විදියට නම් කරලා තියෙන නිසා කතාවේ ඊළඟ කොටසකුත් එන්න තියෙනවා, ඒ නිසා සාරාගේ ඒ දරුණු රාත්‍රියේ අන්තිමට මොකද වෙන්නේ කියන එක නම් බලලාම දැනගන්න ඕනේ.