
















ජින් යි-සූගේ අපරාධ මෙහෙයුම
ජින් යි-සූ කියන්නේ සල්ලිවලින් කිසිම අඩුවක් නැති කෝටිපති පවුලක බාල පුතෙක් වුණාට එයාගේ ප්‍රධානම විනෝදාංශය වෙන්නේ සල්ලි වියදම් කරලා පොලිස් නිලධාරියෙක් වගේ අපරාධකාරයෝ අල්ලන සෙල්ලම් කරන එකයි. හැබැයි හදිසියේම සිද්ධවෙන නොසිතූ අකරතැබ්බයක් නිසා ඇත්තම පොලිස් නිලධාරියෙක් විදියට රාජකාරියට බැඳෙන්න ජින් යි-සූට සිද්ධවෙන අතර එතැනදී එයාට වැඩ කරන්න ලැබෙන්නේ නීතිය අකුරටම ක්‍රියාත්මක කරන දැඩි මතධාරී දක්ෂ නිලධාරිනියක් වෙන ලී ගෑන්ග්-හියුන් යටතේ. සාමාන්‍ය පොලිස් ක්‍රමවේදවලින් අල්ලන්න බැරි අමාරු අපරාධ සහ වීඅයිපී පැලැන්තියේ අඳුරු ගනුදෙනු විසඳන්න ජින් යි-සූ තමන්ගේ අතිවිශාල ධනය, පෞද්ගලික සම්බන්ධතා සහ වෙනස්ම විදියේ පිස්සු වැඩ පාවිච්චි කරද්දී, නීතිය ගැනම විතරක් හිතන ගෑන්ග්-හියුන්ටත් අන්තිමේදී යි-සූගේ මේ අරුම පුදුම අපරාධ මෙහෙයුම්වලට එකතු වෙන්න සිද්ධ වෙනවා. එක් පැත්තකින් සංකීර්ණ අපරාධ විසඳන අතරතුරේදී තමන්ගේ අම්මාගේ අභිරහස් මරණය සහ තමන්ගේම පවුලේ අය සඟවාගෙන සිටින බියකරු අතීත රහස් එළියට අදින්න මේ කෝටිපති පොලිස් නිලධාරියා දරන උත්සාහයේ අවසානය කුමක් වේද යන්න මුළු කතාමාලාව පුරාවටම මහත් කුතුහලයක් මවනවා.
See you at work tomorrow drama eka dennako please
Ok