
අභිරහස් ඝාතකයා
තමන්ගේ පියාගේ දැඩි නීති රීති සහ පීඩනය මැද හැදී වැඩෙන කාර්තිකා කියන තරුණියගේ ජීවිතයට විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් එන සෑම පිරිමියෙක්ම එක පාරටම අභිරහස් ලෙස මියයන බිහිසුණු සිදුවීම් මාලාවක් ආරම්භ වෙනවා. එකිනෙකට වෙනස් විදිහට සිදුවන මේ අමුතු මරණ පිටුපස තියෙන රහස මොකක්ද කියලා හොයන්න සෙලියන්කියන දක්ෂ පොලිස් නිලධාරියා පරීක්ෂණ බාරගන්නවා. මරණ සිදු වූ ස්ථානවලින් ලැබෙන ඉතාම සුළු සාක්ෂි ඔස්සේ යමින් ඝාතකයා ලුහුබඳින මේ නිලධාරියාට, මේ සියලු මරණ පිටුපස තියෙන්නේ සාමාන්‍ය මිනිසෙකුට හිතාගන්නවත් බැරි තරම් දරුණු අඳුරු අතීතයක් සහ මානසික රහසක් බව තේරුම් යනවා. සමාජයෙන් සහ පවුලෙන් එල්ල වන දැඩි පීඩනය නිසා මනුස්සයෙකුගේ මනස කෙතරම් මාරාන්තික ලෙස විකෘති විය හැකිද යන්නත්, සියුම් සාක්ෂි ඔස්සේ යන පොලිස් නිලධාරියාට මේ ලේවැකි අභිරහසේ මූලාරම්භය සොයාගැනීමට හැකිවන ආකාරයත් හුස්ම අල්ලාගෙන බලන්න පුළුවන් විදිහට දැඩි කුතුහලයකින් දිගහැරෙනවා.