
අද්භූත සහ බියකරු සිදුවීම්වලින් පිරුණු මනඃකල්පිත රාජධානියක ඔටුන්න හිමි කුමරුගේ නැගෙනහිර මාලිගාව තුළ සැඟවී පවතින නපුරු බලවේගයක් සහ ඒ වටා ගෙතුණු අඳුරු රහස් ගවේෂණය කිරීම වටා තමයි මේ කොරියානු ඓතිහාසික ෆැන්ටසි හොරර් කතාමාලාව ගොඩනැඟිලා තියෙන්නේ. රාජධානියේ සිදුවන මේ බියකරු සිදුවීම් පාලනය කිරීම සඳහා, අවතාර ලෝකයට යා හැකි දක්ෂ අවතාර දඩයම්කරුවෙකු වන ගු චොන් සහ මියගිය ආත්මවල හඬ ඇසීමට හැකි අද්භූත ශාපයකින් යුත් මාලිගා පාලිකාවක වන සෙන්ග් ගන්ව රජතුමා විසින් රහසිගතව කැඳවනු ලබනවා. ජීවත්වන අයගේ සහ මියගිය අයගේ ලෝක දෙක අතර දෝලනය වන මේ අනතුරුදායක මෙහෙයුමේදී, මාලිගාවේ බිත්ති අතර වසර ගණනාවක් තිස්සේ සැඟවී තිබූ අතීත කුමන්ත්‍රණ සහ පළිගැනීමට මාන බලන නපුරු ආත්මයන් රැසකට මුහුණ දීමට ඔවුන් දෙදෙනාට සිද්ධ වෙනවා.