
කැළේ සෙල්ලම්..
බොලිවුඩයේ අතිශය ජනප්‍රිය වූ “Welcome” චිත්‍රපට මාලාවේ තෙවන දිගහැරුම ලෙසින් ක්‍රියාදාම සහ හාස්‍ය මුසු කරමින් නිර්මාණය වූ මේ හින්දි සිනමාපටය ගොඩනැඟෙන්නේ බලාපොරොත්තු නොවන අයුරින් වනාන්තරයක් මැද කොටුවන අපූර්ව චරිත සමූහයක් වටායි. විවිධ විකාරරූපී මැරයන්, නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් සහ සාමාන්‍ය වැසියන් පිරිසක් වනාන්තරයේ වනගත පරිසරය තුළදී මුහුණ දෙන අමුතුම ආකාරයේ අර්බුද, සත්ත්ව ප්‍රහාර සහ එකිනෙකා අතර සිදුවන වැරදි වැටහීම් රැසක් මෙයින් නිරූපණය වෙනවා. තමන්ගේ පැවැත්ම තහවුරු කරගනිමින් මේ භයානක කැලෑවෙන් බේරී පලායෑම සඳහා ඔවුන් දරන දැඩි උත්සාහයත්, ඒ අතරතුර සිදුවන අධි-ක්‍රියාදාම සටන් ජවනිකා සහ පටලැවිලි සහගත හාස්‍යජනක සිදුවීම් රැසකුත් මේ කතාවෙන් දිගහැරෙනවා.